01 July 2025

logo

එංගලන්තයේ තවත් ප්‍රබලයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මොයින් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඔහු මේ වන විට 37 හැවිරිදි වියේ පසුවනවා.

2014 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමෙන් අනතුරුව ඔහු ටෙස්ට් 68ක්, එක්දින 138ක් සහ T20 තරග 92කට ක්‍රීඩා කර තිබෙනවා.   

ඒ අනුව එහිදී ඔහු එංගලන්තය වෙනුවෙන් ලකුණු 6678ක් ශතක 8ක් අර්ධ ශතක 28ක් සහ කඩුලු 366ක් බිඳ හෙලීමට සමත් වුණා.

මේ අතර එංගලන්තයේ ආරම්භ පිතිකරුවෙන් වන ඩේව්ඩ් මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළා.

(colombotimes.lk)