colombotimes.lk
සිංහල | English

17 September 2024


එංගලන්තය ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනියි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට්  තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 358ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කල ලකුණු සංඛ්‍යාව 326ක්.

ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, පන්දුවාර 57 යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී තරගය ජය ගත්තා.

ඒ අනුව තරග 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 1ට 0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙනවා.

(colombotimes.lk)