හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අප්‍රසාදය පළ කරමින් නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් 'x' සටහනක් තබා තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවයි.
2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එරික් සෝල්හයිම් සඳහන් කළා.