මස්කෙළිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ වතු කම්කරුවන් 08දෙනෙක් වතුයායේ කෝවිල ඉදිරිපිට අද (05) සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ යළිත් තමන්ට වතුයායේ සේවය ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින්.
ඔවුන් කියා සිටියේ වතු පාලන අධිකාරිය මඟින් 2025 දෙසැම්බර් 24වනදා තම වතුයායට පිටතින් වතුකම්කරුවන් පිරිසක් රැගෙන විත් තේ දළු නෙලීමට උත්සහ කිරීමේදී එයට විරුද්ධ වූ නිසා වතු පාලන අධිකාරිය එදින සිට මේ වන තෙක් තමන්ට වත්තේ වැඩ කිරීමට අවස්ථාව ලබා නොදුන් බවයි.
එමනිසා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වී සිටින බවත් යළිත් තමන්ව සේවයට පිහිටුවන ලෙස බල කරමින් තමන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බව වතු කම්කරුවන් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
