04 July 2025

logo

හිටපු ජනපති මෛත්‍රිපාල ඇතුළු තිදෙනෙකුට විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්



හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු තිදෙනෙකුට 2023 දෙසැම්බර් මස 30 වන දින හෝ ඊට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 

ඒ 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන්. 
 
එම වත්කම් බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කළ යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ.
(colombotimes.lk)