colombotimes.lk
සිංහල | English

19 May 2024

2024 අයවැයෙන් විශ්මයජනක වෙනසක් බලාපොරොත්තු වන ලෙස ජනපති කියයි



ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීම සඳහා නව වැඩපිළිවෙළ රැසක් ඉදිරි අයවැයෙන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර කිහිපයක් ගනිමින් සිටින බවයි. 
 
ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන ලබාදීමට රජය ක්‍රියා කරන අතරේ ඇතැම් පිරිස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඩාල කිරීමට උත්සාහ කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් සඳහන්කළා. 
 
දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපොහොසත් වීම විශාල අර්බුදවලට තුඩු දෙන බවයි ජනධිපතිවරයා සඳහන් කළේ. 
 
එබැවින් අවශ්‍ය නීති සම්පාදනය කර ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා උත්සාහයට සහාය දෙන ලෙස ජනාධිපතිවරයා විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. 
 
ඒ අනුව පළමු පියවර ලෙස යෝජිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විවාදයට ගෙන සම්මත කළ යුතු බව ජනාධිපතිතුමා පැවසුවා.
(colombotimes.lk)