colombotimes.lk
සිංහල | English

17 September 2024


Extraction 2 Trailer නැරඹුම් වාර මිලියන 5 ඉක්මවයි



Extraction 2 චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. 

සුපිරි හොලිවුඩ් නළු ක්‍රිස් හෙම්ස්වර්ත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබනවා.
 
නවතම පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් වෙත එක්කර පැය කිහිපයක් ඇතුළත එහි නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 5ක් ඉක්මවා ඇති බව සඳහන්. 
 
2020 වසරේදී Netflix හරහා ප්‍රදර්ශනය කළ Extraction චිත්‍රපටයේ දෙවන කොටස ලෙස මෙම නවතම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. 
 
ඒ අනුව ජුනි මස 16 වනදා එය Netflix හරහා ප්‍රදර්ශනය කෙරෙනු ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)