ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයෙන් (FBI) අධ්‍යක්ෂවරයා ලෙස කාෂ් පටෙල් පත් කර තිබෙනවා.
ඔහු ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානුවෙක් බවයි වාර්තා වන්නේ.
රිපබ්ලිකන් පාලිත ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් කාෂ් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගෙන තිබෙනවා.
ඒ අනුව කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙක්ද වනවා.
(colombotimes.lk)