22 February 2025


ව්‍යාපාරිකයෙක්ගේ ලක්ෂ 03ක සහල් රාජසන්තක වෙයි



වෙළඳසැලේ සහල් විකිණීමට තිබියදී සහල් නොමැති බව ප්‍රකාශ කළ ව්‍යාපාරිකයෙක්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන තිබෙනවා.
 
එම අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් පසුගිය 18වනදා ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම ව්‍යාපාරිකයාට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ව්‍යාපාරිකයාට එරෙහිව ඊයේ (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබෙනවා.

මෙහිදී එම ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 3කට වැඩි වෙළඳපොළ වටිනාකමක් සහිත කිරී සම්බා සහල් අසුරන 237ක ප්‍රමාණයක් රාජසන්ත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්පසු ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)