පෞද්ගලික බස් රථයක් තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අද (22) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 10දෙනෙක් මේ වන විට රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර වාහන 7ක් පමණ එකිනෙක ගැටීමෙන් සිදු වී තිබෙනවා.
රියදුරු පුහුණු පාසලකට අයත් රථ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
