ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069දෙනෙක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,037ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
එමෙන්ම සමස්ත මරණ සංඛ්‍යාව 28ක් වාර්තා වී තිබෙන බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
