රුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව‍්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් රත්මලාන ඉන්ද්‍රජෝති පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන බඩෝවිට ප්‍රදේශයේ සිට පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ගල්කිස්ස හෝටල් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුට බඩෝවිට ප්‍රදේශයට ගොස් මෙම මත්ද්‍රව්‍ය ලබාගන්නා ලෙසට විදේශගතව සිටින ජාවාරම්කරුවෙක් විසින් වට්සැප් තාක්ෂණය හරහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු නාහඳුනන පුද්ගලයෙකුගෙන් මෙම හෑෂ් මත්ද්‍රව‍්‍ය ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි.
(colombotimes.lk)
