08 December 2025

logo

මහනුවර - යාපනය මාර්ගයේ මාරක අනතුරක්



මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙක්ගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මහනුවර - යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදීයි.

අදාළ අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 70ක් වන යාචක පුද්ගලයෙක්.
 
(colombotimes.lk)