14 January 2026

logo

පුත්තලමේ මාරක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (13) රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා. 

ඒ පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේයි.
 
එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කළා.  

අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙක් මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේදී මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ නොමැති බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)