පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ පාවහන් මිලට ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ තිළිණපත්වලට අදාළ කාලය දීර්ඝ කර තිබෙනවා.
එය 2026.01.30වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 වර්ෂයේ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට නිකුත් කළ රුපියල් 6,000ට අදාළ තිළිණ පතට ලිපි ද්‍රව්‍ය ලබාදීමේ කාලය එලෙස දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වර්ෂයේ රුපියල් 3,000ක පාවහන් තිළිණපත්වලට අදාළව පාවහන් ලබාදීමේ කාලය පෙබරවාරි 15වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි.
(colombotimes.lk)
