චීන රජය විසින් 2026 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (13) පවත්වා තිබෙනවා.
ඒ කොළඹ වරාය පරිශ්‍රයේදීයි.
මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පාසල් නිල ඇඳුම් රෙදි මෙහිදී ලබාදී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා සිසුන් 4,418,404ක් පමණ හිමිකම් ලබා තිබෙන බවයි.
එම නිල ඇඳුම් රෙදි තොග 2026 ජනවාරි 19වනදා සිට දිවයින පුරා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
