05 January 2026

logo

යතුරුපැදියක් ගේට්ටු කණුවක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටු කණුවක ගැටීමෙන් ඊයේ (03) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මාරවිල පොලිස් වසමේ තිසේරාපුර සිට අඩප්පර හන්දිය දක්වා ඇති මාර්ගයේදීයි.

අදාළ අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)