06 January 2026

logo

වෙනිසියුලාවේ ඇති වූ තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දෙයි



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

එහිදී ඔහු කියා සිටියේ එලෙස සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම රටවල් බැඳී සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික ප්‍රඥප්තිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බවයි. 

වෙනිසියුලාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව ප්‍රකාශ කළා. 

(colombotimes.lk)