කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් අද (05) උදෑසන මාරක නතුරක් සිදුවී තිබෙනවා.
ඒ නාරම්මල - කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදීයි.
එම අනතුරින් අදාළ ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ ළමුන් දෙදෙනෙක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41, 80 හා 82ක් වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක්.
ඒ අනුව අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
