කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි. (40 - 50) ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. (30 - 40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)
