10 June 2026

logo

රළ පහරට හසු වූ පාසල් සිසුන් දෙදෙනෙක් බේරා ගනියි



කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු අද (10) රළ පහරකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. 

රළ පහරට හසු වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙක් බේරාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනෙක් සිසුවා මේ වන විට අතුරුදහන් වී තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

කෙසේ නමුත් බේරාගත් සිසුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක්ගේ තත්ත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.
 
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15ක් වන පාසල් සිසුන් පිරිසක්.

(colombotimes.lk)