වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් ඊයේ (25) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වැලිකන්ද පොලිස් වසමේ වැලිකන්ද කටුවන්විල මාර්ගයේ ඇතුගල ප්‍රදේශයේදීයි.
එම අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට පැමිණ වෑන් රථය තුළ සිරවී සිටි අය බේරාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අනතුරෙන් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වයස අවුරුදු 47ක් වන කටුවන්විල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ හිමිකරු මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)
