26 October 2025

logo

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්



ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ලේ වංගුව ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ අදාළ අනතුරෙන් තුවාල ලැබූවන් තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි.

(colombotimes.lk)