16 September 2025

logo

අයවැය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ඉඟි



2024 අයවැය හෙට (13) දිනයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

අභියෝග රාශියක් මැදින් කෙටිකාලීනව ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් සොයමින් දීර්ඝකාලීනව ශ්‍රී ලංකාව නැගී සිටුවීමට උපකාරී වන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ කිසිදු අවස්ථාවක මැතිවරණය ඉලක්ක කරමින් විසඳුම් ඉදිරිපත් නොකරන බවයි.
(colombotimes.lk)