2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී මෙවර යොදාගනු ලබන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
ඒ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී වම් අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබූ අතර තවමත් බොහෝ දෙනෙකුගේ එම සලකුණ ඒ අයුරින්ම තිබීම හේතුවෙන් වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බවයි.
(colombotimes.lk)