09 October 2025

logo

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර



කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ පැමිණීමේ හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මඟින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි ඒ සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කළ බවයි.

ඒ අනුව ඉදිරියේදී අතිකාල ගණනය කිරීම් එහි සටහන් වන දත්ත මත සිදු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

තැපැල්පතිවරයා සඳහන් කළේ මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පළාත් කාර්යාල සහ තැපැල් කාර්යාලවලද ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බවයි. 

විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවල නිර්දේශ පදනම් කර ගනිමින් ඇගිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම තැපැල් සේවකයන් හෙට (09) දිනයේ කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. 


(colombotimes.lk)