12 February 2026

logo

රතිඤ්ඤා නිෂ්පාදන ස්ථානයක ගින්නක්



කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන ස්ථානයක ඊයේ (11) ගින්නක් ඇති වී තිබෙනවා.

එලෙස ඇතිවූ ගින්නෙන් එහි සේවකයෙක් පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

වයස අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. 

එලෙස ඇති වූ ගින්න කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

(colombotimes.lk)