දිවයිනේ සෑම රෝහලකම මසකට වරක් ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා.
ඒ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
රෝහල් තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගෙන යාම සඳහා මෙලෙස ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීමට පියවර ගැනීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඖෂධවල යම් හිඟයක් ඇති වීමට පෙර එය හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීමට මෙන්ම ප්‍රාදේශීය මිලදී ගැනීම් හෝ සිදුකළ රෝහල තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගෙන යාමට එම ඖෂධ සමාලෝචන රැස්වීම අතිශය වැදගත් වන බවයි.
සෑම විටම රෝහල් තුළ අවශ්‍ය ඖෂධ ධාරිතාවක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නම් එය ඖෂධ සම්බන්ධයෙන් ඇති වන ගැටලුවලට සාධනීය විසඳුමක් බවද හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
