නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවියන්ට සිදු වූ වගා හානි සඳහා වන්දි ගෙවීමට අදාළ කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
එම ලවණ බාධකය හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවලදී සිය වගා බිම් ජලයෙන් යටවන බවට 2019 වසරේ සිට ගොවි ජනතාව විසින් පැමිණිලි සිදුකර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ වී ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් 2019 වසරේ යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න 07ක් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් ගෙවීමට නියමිත බවයි.
එම වන්දි මුදල් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ගෙවීමට කටයුතු යොදා තිබෙනවා.
(colombotimes.lk)
