වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සඳහන් කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 03වනදා සිට මාස 04ක් තුළ ඇමරිකානු ඩොලර් 598,250ක විදේශ විනිමයක් උපයාගත් බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින් වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
