12 February 2026

logo

ජනපතිගෙන් සුබ පණිවිඩයක්



රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසයි. 

2027 වසරේදී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධව සොයා බලන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

ඒ 'රටම එකට' ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමින්.

රාජ්‍ය සේවයකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ජනාධිපතිවරයා සඳහන් කළා. 

එමෙන්ම ජනාධිපතිවරයා කියා සිටියේ දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානියෙන් මිදීම සඳහා රුපියල් කෝටි 50,000ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවයි. 

(colombotimes.lk)