18 August 2025

logo

තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක්



හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත් කන්ද කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න හේතුවෙන් අක්කර 80-100කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

මේ වන විට යුධ හමුදාව සහ පොලීසිය එක්ව ගින්න හටගත් ප්‍රදේශයේ එක් කොටසක් නිවාදමා තිබෙනවා.

එමෙන්ම තලපත් කන්ද දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ කළු දුමාරයක් නැගෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

  
(colombotimes.lk)