18 August 2025

logo

පිල්ලෙයාන්ගේ තුවක්කුකරුවන් සොයා විමර්ශන



හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ගෝලයන් 06දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔවුන් 06දෙනා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යටතේ සේවය කළ තුවක්කුකරුවන් බවයි වාර්තා වෙන්නේ.

එම සැකකරුවන්ට එරෙහිව නැගෙනහිර පළාතේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන්වීම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)