ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාරදී තිබෙන බවයි.
ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇලස්කා සංචාරයට සහභාගී නොවීම නිසා මෙම ලිපිය ලබාදී තිබෙනවා.
මෙම ලිපියෙහි යුද ගැටුම්වලට මැදිවූ යුක්රේනයේ දරුවන් පිළිබඳව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
යුක්රේනය යන වචනය සඳහන් නොකර ඒ පිළිබඳ ඉල්ලීම කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.
එම ලිපිය පහතින්,
(colombotimes.lk)