ප්‍රථම වතාවට සෞදි ගගනගාමීන් දෙදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගමන් කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව අභ්‍යවකාශයට පියාසර කරන ගගනගාමීන් වන්නේ, පළමු කාන්තා අරාබි ගගනගාමී Rayyanah Ba awi සහ පියයුරු පිළිකා පර්යේෂක, ප්‍රහාරක ගුවන් නියමු Ali al-Qa i යි.
මොවුන් දෙදෙනා පෞද්ගලික මෙහෙයුමක් සඳහා මෙසේ ගමන් කිරීමට නියමිත බව නිල සෞදි පුවත්පත් ඒජන්සිය (SPA) වාර්තා කළා.
SpaceX Falcon 9 රොකට්ටුව ආධාරයෙන් මොවුන් අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)