01 September 2025

logo

IPL ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය අදයි



IPL 2025 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට (25) පැවැත්වෙනවා.

ඒ සව්දි අරාබියේදීයි.

මෙවර තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 574ක් ඉදිරිපත්ව සිටින අතර ඊට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 19දෙනෙක් ඇතුළත් වී තිබෙනවා.

එහිදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික වටිනාකමකින් වෙන්දේසියට ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)