08 January 2026

logo

ගොඩබැස්වීමට සූදානම් වූ Seaplane යානයක් කඩා වැටෙයි



නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සූදානම් වූ සී ප්ලේන් යානයක් අද (07) කඩා වැටී තිබෙනවා. 

එම ගුවන්යානය කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගුවන්යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙසෙ අනතුරට ලක්වී තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

එමෙන්ම ගුවන්යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)