ඇමරිකාවේ නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ මෙරට පළමු නාවික හමුදා සාමාජික ලුතිනන් කොයාන් චාමිත හදිසියේ මියගොස් තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ වැලිසර යුධ හමුදා කඳවුරේ නේවාසිකාගාරයේදී ඔහු මියගොස් ඇති බවයි.
2025 වසරේදී ඔහු සීල් පුහුණුව සම්පූර්ණ කර මෙරටට පැමිණ නාවික හමුදාවේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මරණයට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.
මේ අතර එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නාවික හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
