07 January 2026

logo

මාරවිල පුද්ගලයන් 05කට දිවි අහිමි වෙයි



නීති විරෝධී මත්පැන් බවට සැක සහිත දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙක්ගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඒ වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේයි.  

එමෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)