20 October 2025

logo

මහ ඔය නිම්නයේ ගංවතුර අවදානමක්



මහ ඔය ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 36ක කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්ව තිබෙන බවයි. 

මෙම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ට දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසට වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. 


(colombotimes.lk)