අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෙම සැකකරුගේ රෝගී තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වාර්තාවල සඳහන් කළ දේ සුවිශේෂී කරුණු සේ සලකා සැකකරු ඇප මත මුදා හැරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අතර සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
