දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව අද (22) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.
මෙම නඩුව අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී තිබෙනවා.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස 30වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
