22 June 2026

logo

පොලිස් රාජකාරියට බාධා කළ සිව්දෙනෙක්ට වැඩ වරදියි



දිඹුලපතාන පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ එළඹෙන ජූලි මස 06වනදා දක්වායි.

හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලීසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)