22 June 2026

logo

මැයි මාසයේ මෙරට උද්ධමනය ඉහළට



මැයි මාසයේ මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2026 අප්‍රේල් මාසයේදී උද්ධමන අනුපාතය 4.7%ක් ලෙස වාර්තා වූ බවයි.
 
මේ අතර 2026 අප්‍රේල් මාසයේදී 1.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය මැයි මාසයේදී 1.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එමෙන්ම අප්‍රේල් මාසයේදී 7.8%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතයද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය 8.6%ක අගයක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)