අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ජුනි මාසයේ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභ පමණක් හෙට (23) සිට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ මෙම ප්‍රතිලාභය පවුල් 270,025කට හිමි වන බවයි.
ඒ අනුව රුපියල් 3,287,163,750ක හෙට (23) අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම් ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. 
(colombotimes.lk)
