14 October 2025

logo

මහජන උපයෝගිතා කොමිසමට විපක්ෂ නායකවරයාගෙන් තුති



විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ස්තූතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කළ 6.8%ක ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එසේම ආණ්ඩුව මැතිවරණයේදී පැවසූ ආකාරයට ඉදිරි දින කිහිපය තුළදී 33%කින් විදුලි ගාස්තු අඩු කිරීම ගැනද සලකා බලන ලෙස ඔහු මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර තිබෙනවා. 

(colombotimes.lk)