24 September 2025

logo

හිටපු නාවික හමුදාපති තවදුරටත් රිමාන්ඩ්



රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 08වනදා දක්වායි.

අලව්ව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 


(colombotimes.lk)