24 September 2025

logo

වසර 50කට පසු විශේෂ ගමනකට නාසා සැරසෙයි



වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින 10ක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසනවා. 

ලෝකයේ මෙම චන්ද්‍ර මෙහෙයුමක් සිදුවී දැනට වසර 50ක් ගතවී ඇති නිසා නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් සිව්දෙනෙක් යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. 

නාසා හී වැඩබලන නියෝජ්‍ය සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් සඳහන් කළේ මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වන බවයි. 

ආටෙමිස් II නමින් හැඳින්වෙන මෙම මෙහෙයුමේදී ගමන් කරන ගගනගාමීන් සිව්දෙනා දින 10ක වට සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිණෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. 

මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ චන්ද්‍ර ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි.

මෙහෙයුමේ සාර්ථකත්වය මත නාසා ආයතනය සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් III දියත් කළ හැක්කේ කොපමණ කලකින්ද යන්න තීරණය කළ හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියා. 

නමුත් මෙහෙයුම පරිපූර්ණත්වයට පත්වුවත් 2027 මැද භාගයට පෙර ආටෙමිස් III දියත් කළ නොහැකි බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)