පොලීසිය විසින් දිවයින පුරා සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 16දෙනෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුද්ගලයන් 32,201දෙනෙක් පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.
විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736දෙනෙක් සහ වරෙන්තුකරුවන් 271දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බීමත් සහ අපරීක්ෂාකාරී රිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 48දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
