28 October 2025

logo

තියුණු ආයුධ සමඟ හතරක් කොටුවෙයි



තියුණු ආයුධ සමඟ පුද්ගලයන් සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර නාගොඩ රජවන්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 18510ක්, කඩු 4ක්, යතුරු පැදි 2ක් ,ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් සහ ආරක්ෂක හිස් වැසුම් 2ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

 
 
 
(colombotimes.lk)